ව්‍යාජ අත්සන් යොදා කූට ලේඛනයක් සකස් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා මහාධිකරණය හමුවේ පෙනී සිටීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
ජනාධිපතිවරණ සමයේදී නිකුත් කෙරුණු ගිවිසුමකට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජ ලෙස යෙදූ බවට තිස්ස අත්තනායක මහතාට එරෙහිව පැවරූ නඩුව මේ වනවිට විභාගයට ගෙන ඇත.




