9න් ඉහළ සිසුන‍්ටත් I Pad

උසස් පෙළ පාසල් සිසුන්ට ටැබ් ලබාදීමේ දෙවැනි පියවර වශයෙන් ඉදිරියේ දී පාසල්වල 9 ශ්‍රේණියෙන් ඉහළ සියලුම සිසුන්ට ‍යතුරු පුවරු සහිත අඟල් 10 අයිපෑඩයක් (I Pad) ලබා දීමට තම අමාත්‍යාංශය බලාපොරොත්තුවන බව විදුලි සංදේශ, ඩිජිටල් හා යටිතල සංවර්ධන ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ එම අමාත්‍යාංශ කාරක සභා අයවැය විවාදයේදී ය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා සඳහන් කළේ ඉදිරියේ දී පෙළපොත් නැතිකර සියලු විෂය මාලා, තාක්ෂණය හරහා මෙම I Pad යේ අන්තර්ගත කිරීම බලාපොරොත්තුව බවයි. 

මේ වන විට උසස් පෙළ 175,000 ක සිසුන්ට ටැබ් ලබා දිමේ මෙහෙයුම් පද්ධතිය මයික්‍රෝසොෆ්ට් ආයතනයෙන් නොමිලයේ ලබා දීමටද කැමැත්ත පළකර ඇතැයි ද ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවැසී ය.

සුභාෂිණි ජයරත්න