අවුරුදු 73ක අම්මා සාපෙළ ලියයි

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (9 දා) පැවැති තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විෂය සඳහා 73 හැවිරිදි කාන්තාවක්‌ ඉදිරිපත් වීමේ අපූරු සිද්ධියක්‌ මාතර ප්‍රදේශයෙන් වාර්තා වේ.

මාතර නාදුගල පදිංචි එන්. එස්‌. කල්‍යාණි මහත්මිය මාතර ඉල්මා විදුහලේ විභාග ශාලාවේදී මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විෂය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිව්වාය.

සමුපකාර තොග වෙළෙඳ සංස්‌ථාවේ සේවයේ නියුතුව සිට විශ්‍රාම ගිය කල්‍යාණි මහත්මිය ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගයේදී ඉලෙක්‌ට්‍රොනික්‌ හා හින්දි භාෂාව යන විෂයන්ට ද පෙනී සිටීමට නියමිතය.

"මම මේ විභාග ලියන්නේ රස්‌සාවක්‌ කරන්න නෙමේ, කාලයට ඔබින දැනුම ලබාගැනීමටයි" කල්‍යාණි මහත්මිය පැවසුවාය.