තිස්සට එරෙහි නඩුවේ සාක්ෂි දෙන්න රනිල් සූදානම්

ව්‍යාජ අත්සන් යොදා කූට ‍ලේඛනයක් සකස් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා මහාධිකරණය හමුවේ පෙනී සිටීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ජනාධිපතිවරණ සමයේදී නිකුත් කෙරුණු ගිවිසුමකට ‍පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජ ලෙස යෙදූ බවට තිස්ස අත්තනායක මහතාට එරෙහිව පැවරූ නඩුව මේ වනවිට විභාගයට ගෙන ඇත.

මදුරු දඟරයක දුම සිගරට් 135ක විසට සමානයි

එක් මදුරු දඟරයකින් නිකුත්වන විෂ දුම සිගරට් 135කින් නිකුත්වන විෂ දුමට සමාන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ තිරසාර ජෛව ස්කන්ධ පිළිබඳ බලශක්ති ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සම්පත් රණසිංහ මහතා පවසයි.

ඒ අනුව සිගරට් එකක දුම්වල අවලම්බිත අංශු හා විවිධ විෂ වායු වර්ග 4000ක් පමණ අන්තර්ගත බවත් සිගරට් 135කින් විශාල විෂ දුම් ප්‍රමාණයක් නිකුත් වන බවත් පවසන රණසිංහ මහතා අපේ රටේ මදුරු දඟර නිෂ්පාදනයේ නියම ප්‍රමිතියක් තවම නැති බවද පවසයි.

9න් ඉහළ සිසුන‍්ටත් I Pad

උසස් පෙළ පාසල් සිසුන්ට ටැබ් ලබාදීමේ දෙවැනි පියවර වශයෙන් ඉදිරියේ දී පාසල්වල 9 ශ්‍රේණියෙන් ඉහළ සියලුම සිසුන්ට ‍යතුරු පුවරු සහිත අඟල් 10 අයිපෑඩයක් (I Pad) ලබා දීමට තම අමාත්‍යාංශය බලාපොරොත්තුවන බව විදුලි සංදේශ, ඩිජිටල් හා යටිතල සංවර්ධන ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ එම අමාත්‍යාංශ කාරක සභා අයවැය විවාදයේදී ය.

ප්‍රතිශක්‌තිය වඩන දේශීය ආහාර පාන

කොයිවෙලේත් ලෙඩ....ඉස්‌සර වගේ නෙමෙයි දැන් ළමයි හරිම දුර්වලයි....ඔය කාලෙ අපි හිටියෙ ගස්‌ ගල් වගේ නෙ. වර්තමානයේ දරු දැරියන් ගැන තරුණ, තරුණියන් ගැන වැඩිහිටියෝ පවසති. ඇත්තටම එදා ට වඩා අද පරපුර ශක්‌තියෙන් දුර්වල ද? අපි ඒ ගැන මෙවර විමසා බලමු.

අවුරුදු 73ක අම්මා සාපෙළ ලියයි

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (9 දා) පැවැති තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විෂය සඳහා 73 හැවිරිදි කාන්තාවක්‌ ඉදිරිපත් වීමේ අපූරු සිද්ධියක්‌ මාතර ප්‍රදේශයෙන් වාර්තා වේ.

මාතර නාදුගල පදිංචි එන්. එස්‌. කල්‍යාණි මහත්මිය මාතර ඉල්මා විදුහලේ විභාග ශාලාවේදී මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විෂය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිව්වාය.