වෙනත් රටවල අර්බුදවලට අපි නෑ

විදේශ රටවල අර්බුදවලට මැදිහත් නොවන බව නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර ඇත. ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය නිසා ඊළාම් ඩයස්‌පෝරාව කම්පනයට පත් වී තිබේ.

අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය මර්දනය කිරීම තම එකම අරමුණ බවද නව ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කර තිබේ.ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ඉදිරිපත් කිරීමට මුල් වූ ද්‍රවිඩ සන්ධානයට හා රාජ්‍ය නොවන සංවිධානවලට එල්ල වූ අතුල් පහරකි.

ලසිත් මාලිංග රෝහල්ගත කෙරේ

ක‍්‍රිකට් ක‍්‍රීඩක ලසිත් මාලිංග ඊයේ (08) රාත‍්‍රීයේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

ඒ, ඔහුට ඇති වූ ශාරීරික අපහසුතා සැලකිල්ලට ගෙනයි.කෙසේ නමුත් ලසිත් මාලිංගට වැළඳී ඇත්තේ ඩෙංගු රෝගය බවට වෛද්‍යවරුන් සැක කරන බවයි රෝහල් ආරංචි මාර්ග මඟින් වාර්තා වන්නේ.

පහ‍ේ හපනුන්ගේ කඩඉම් ලකුණු මෙන්න

2016 වර්ෂයේ අගෝස්තු මස පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩ ඉම් ලකුණු මේ වන විට නිකුත්ව තිබේ. ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 184 ක්ද, කොළඹ විශාකා විද්‍යාලය ලකුණු 184ක්ද, මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 181,කොළඹ ආනන්ද විද්‍යාලය 180ද වශයෙන් කඩඉම් ලකුණු තීරණය වී ඇත.
 
දිවයිනේ පාසල් වලට අදාල කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk ඔස්සේද ලබා ගත හැක.

තව්හිද් ජමාත් ලේකම්ට ඇප

බෞද්ධාගමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට වන චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් මහතාට ඇප දීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (10) නියෝග කළේය.

ඒ, රුපියල් 10,00ක මුදල් ඇපයක් ද , ලක්ෂ 10 බැගන් වු ශරීර ඇප 02 ක් ද මතය.

ජයලලිතාගේ අභාවය ලංකාවට වාසිලු

පසුගිය කාලයේදි ශ්‍රීලංකාවට එරෙහිව කටයුතු කළ කාන්තාවන් සියලුදෙනා ලෝක දේශපාලනයෙන් ඉවත්ව යමින් සිටින බැවින් මේ මොහොතේදී ලංකාවේ හඳහන හොඳ වේගෙන එන බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඊයේ (08දා) පැවසීය.

තමිල්නාඩුවේ හිටපු මහඇමතිනි ජයලලිතා ජෙයරාම්ගේ අභාවයත් සමග ලංකාවට එරෙහිව තිබුණු දේශපාලන හිසරදයක් අවසන්වූ බවත් මේ සම්බන්ධව ජාතික හෙළ උරුමය අවංකව සතුටු වන බවත් වර්ණසිංහ මහතා පවසා සිටියේය.