වෙනත් රටවල අර්බුදවලට අපි නෑ

විදේශ රටවල අර්බුදවලට මැදිහත් නොවන බව නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර ඇත. ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය නිසා ඊළාම් ඩයස්‌පෝරාව කම්පනයට පත් වී තිබේ.

අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය මර්දනය කිරීම තම එකම අරමුණ බවද නව ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කර තිබේ.ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ඉදිරිපත් කිරීමට මුල් වූ ද්‍රවිඩ සන්ධානයට හා රාජ්‍ය නොවන සංවිධානවලට එල්ල වූ අතුල් පහරකි.