ජයලලිතාගේ අභාවය ලංකාවට වාසිලු

පසුගිය කාලයේදි ශ්‍රීලංකාවට එරෙහිව කටයුතු කළ කාන්තාවන් සියලුදෙනා ලෝක දේශපාලනයෙන් ඉවත්ව යමින් සිටින බැවින් මේ මොහොතේදී ලංකාවේ හඳහන හොඳ වේගෙන එන බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඊයේ (08දා) පැවසීය.

තමිල්නාඩුවේ හිටපු මහඇමතිනි ජයලලිතා ජෙයරාම්ගේ අභාවයත් සමග ලංකාවට එරෙහිව තිබුණු දේශපාලන හිසරදයක් අවසන්වූ බවත් මේ සම්බන්ධව ජාතික හෙළ උරුමය අවංකව සතුටු වන බවත් වර්ණසිංහ මහතා පවසා සිටියේය.

ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් පසුව හිලරි ක්ලින්ටන්,සමන්තා පවෙල්,නීශා බිස්වාල් වැනි නිලධාරිනියන්ට ඉවත්ව යෑමට සිදුවීමද ශ්‍රී ලංකාවට වාසිදායක බවයි.