පහ‍ේ හපනුන්ගේ කඩඉම් ලකුණු මෙන්න

2016 වර්ෂයේ අගෝස්තු මස පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩ ඉම් ලකුණු මේ වන විට නිකුත්ව තිබේ. ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 184 ක්ද, කොළඹ විශාකා විද්‍යාලය ලකුණු 184ක්ද, මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 181,කොළඹ ආනන්ද විද්‍යාලය 180ද වශයෙන් කඩඉම් ලකුණු තීරණය වී ඇත.
 
දිවයිනේ පාසල් වලට අදාල කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk ඔස්සේද ලබා ගත හැක.

තව්හිද් ජමාත් ලේකම්ට ඇප

බෞද්ධාගමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට වන චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් මහතාට ඇප දීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (10) නියෝග කළේය.

ඒ, රුපියල් 10,00ක මුදල් ඇපයක් ද , ලක්ෂ 10 බැගන් වු ශරීර ඇප 02 ක් ද මතය.

ජයලලිතාගේ අභාවය ලංකාවට වාසිලු

පසුගිය කාලයේදි ශ්‍රීලංකාවට එරෙහිව කටයුතු කළ කාන්තාවන් සියලුදෙනා ලෝක දේශපාලනයෙන් ඉවත්ව යමින් සිටින බැවින් මේ මොහොතේදී ලංකාවේ හඳහන හොඳ වේගෙන එන බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඊයේ (08දා) පැවසීය.

තමිල්නාඩුවේ හිටපු මහඇමතිනි ජයලලිතා ජෙයරාම්ගේ අභාවයත් සමග ලංකාවට එරෙහිව තිබුණු දේශපාලන හිසරදයක් අවසන්වූ බවත් මේ සම්බන්ධව ජාතික හෙළ උරුමය අවංකව සතුටු වන බවත් වර්ණසිංහ මහතා පවසා සිටියේය.

අගමැති පුටුවේ අද රනිල් ඉන්නෙ මම නිසා

ඉකුත් ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වී සෞඛ්‍ය ඇමැති ධුරය ලබාගත් එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම්වරයකු වන තිස්ස අත්තනායක අලුතෙන් පිහිටුවාගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක්වීමේ සූදානමක් තිබෙන බවට ඇතිවී ඇති කතාබහ ගැනත් තවත් දේශපාලන කාරණා පිළිබඳවත් කළ සාකච්ඡාවකි.

සිදුවෙන දේවල්වල හැටියට හිතෙන්නෙ නැද්ද එජාපයෙම හිටිය නම් හොඳයි කියල?

ඇත්තටම කිසිම පසුතැවීමක් නැහැ. මම එක්සත් ජාතික පක්‍ෂය ගොඩනඟන්න බැරෑරුම් අවස්ථාවල වැඩ කළ කෙනෙක්. ඒ වගේම මම බය නැතුව කියනව අද රනිල් වික්‍රමසිංහ මහත්තය අගමැති පුටුවෙ වාඩි වෙලා ඉන්නෙ එදා මම එතුමා ආරක්‍ෂා කර ගන්න කටයුතු කළ නිසයි. පක්ෂයේ නායකත්වයට විරුද්ධව වරින් වර ගැටුම් ඇති වුණු අවස්ථාවල මම එතුමා ආරක්ෂා නොකළා නම් එතුමාට නායකත්වයෙන් යන්න සිදු වෙනවා.

හෙලිකොප්ටරය O/L විභාග මධ්‍යස්ථානයකට ගොඩබස්සලා

කතානායක, විපක්ෂනායක සමඟ අමාත්‍යවරුන් පිරිසක් ගමන් කළ හෙලිකොප්ටරයක් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වූ විභාග මධ්‍යස්ථානයක් වූ පේසාලෙයි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයකට ගොඩ බැස්වීම හේතුවෙන් පෙරේදා (7දා) විභාගය වෙනුවෙන් පෙනී සිටි දරුවන් මහත් අපහසුතාවට පත්වූ බැව් ප්‍රදේශවාසීහු පවසති.