ශ්‍රී ලංකාවේ කිසිදු පුද්ගලයකු අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධවී කටයුතු නොකරන බව මෙරට ආරක්ෂක වාර්තා තහවුරු කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා ඊයේ (23 වැනිදා) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකිකයන් 32 දෙනකු අයි. එස්. අයි. එස්. ත්‍රස්ත සංවිධානයේ සාමාජිකත්වය ලබා ඇති බවට පසුගිය දිනවල පළවූ වාර්තා සහ ප්‍රකාශ අසත්‍ය බවද එම සංවිධානයේ කිසිවෙකු මෙරටට පැමිණ ප්රචාරක කටයුතුවල හෝ දේශන කටයුතු වලට සහභාගි වී ඇති බවට තොරතුරු වාර්තා වී නැතැයිද ඇමැතිවරයා කීය.