අවසර පත්‍ර නොමැති බස්‌ සඳහා අවම දඩය ලක්‍ෂ 2යි

 බස්‌ සඳහා  අවම දඩය ලක්‍ෂ 2යි
ජාතික ගමනාගමන කොමිසම් සභාව විසින් නිකුත් කරන ලද වලංගු මගී සේවා අවසර පත්‍ර නොමැතිව ධාවනය කරන බස්‌ රථ සඳහා දැනට නියම කරනු ලබන රුපියල් දස දහසේ අවම දඩ මුදල රුපියල් ලක්‍ෂ දෙකක අවම දඩ මුදලක්‌ දක්‌වා ඉහළ නැංවීමට කැබිනට්‌ අනුමැතිය හිමි වී ඇත.

ඊට අදාළ යෝජනාව ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

මගී බස්‌ රථ සේවයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහාත්, නිසි අවසරයක්‌ නොමැතිව බස්‌ රථ ධාවනය කරන්නන්ට එරෙහිව නීති දැඩි කිරීමටත් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව 1991 අංක 37 දරන ජාතික ගමනා ගමන කොමිෂන් සභා පනතේ 40 වැනි වගන්තිය සංශෝධනය කිරීම සඳහා "ජාතික ගමනාගමන කොමිසන් සභා" (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා පිළියෙළ කර ඇත.