අවසර පත්‍ර නොමැති බස්‌ සඳහා අවම දඩය ලක්‍ෂ 2යි

 බස්‌ සඳහා  අවම දඩය ලක්‍ෂ 2යි
ජාතික ගමනාගමන කොමිසම් සභාව විසින් නිකුත් කරන ලද වලංගු මගී සේවා අවසර පත්‍ර නොමැතිව ධාවනය කරන බස්‌ රථ සඳහා දැනට නියම කරනු ලබන රුපියල් දස දහසේ අවම දඩ මුදල රුපියල් ලක්‍ෂ දෙකක අවම දඩ මුදලක්‌ දක්‌වා ඉහළ නැංවීමට කැබිනට්‌ අනුමැතිය හිමි වී ඇත.

ඊට අදාළ යෝජනාව ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

රියෑදුරු බලපත්‍ර ගන්නා පිරිස වැඩිවෙලා

රියෑදුරු බලපත්‍ර
රියෑදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන වෛද්‍ය වාර්තාව ලබා ගැනීම සඳහා ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනය වෙත පැමිණෙන පිරිස වෙනදාට වඩා දෙගුණයක්‌ වී ඇත.

ඒ අනුව නුගේගොඩ පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත මීට පෙර දිනකට පුද්ගලයන් 340-350 ක්‌ වැනි පිරිසක්‌ පැමිණියද මේ වන විට එම ප්‍රමාණය 700 ක්‌ පමණ වී ඇතැයි එහි සභාපති වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර මහතා කියා සිටී.

ISIS සංවිධානයේ ශ්‍රී ලාංකිකයෝ නැහැ

ISIS සංවිධානයේ ශ්‍රී ලාංකිකයෝ නැහැ
ශ්‍රී ලංකාවේ කිසිදු පුද්ගලයකු අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌ත සංවිධානයට සම්බන්ධවී කටයුතු නොකරන බව මෙරට ආරක්‍ෂක වාර්තා තහවුරු කර ඇතැයි කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා ඊයේ (23 වැනිදා) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකිකයන් 32 දෙනකු අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌ත සංවිධානයේ සාමාජිකත්වය ලබා ඇති බවට පසුගිය දිනවල පළවූ වාර්තා සහ ප්‍රකාශ අසත්‍ය බවද එම සංවිධානයේ කිසිවෙකු මෙරටට පැමිණ ප්‍රචාරක කටයුතුවල හෝ දේශන කටයුතු වලට සහභාගි වී ඇති බවට තොරතුරු වාර්තා වී නැතැයිද ඇමැතිවරයා කීය.

බස් රථයක ටිකට් නැතිව ගියොත් ලක්ෂ 2ක් දඩ

බස් රථයක ටිකට් නැතිව ගියොත් ලක්ෂ 2ක් දඩ
වංලගු ප්‍රවේශ පත්‍රයක් නොමැති බස් රියක ගමන් ගන්නා මගීන් වෙනුවෙන් අය කරන දඩ මුදල ලක්ෂ දෙකක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව මේ වන විට රුපියල් 10,000ක් ලෙස අයකරන දඩ මුදල රුපියල් ලක්ෂ 2 ක් දක්වා වැඩි කිරීමට අදාළව පනත් සංශෝධනය කරන බව කැබිනට් මාධ්‍ය හමුවේදි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

සිගරට් සිල්ලරට විකිණීම තහනම්

සිගරට් සිල්ලරට විකිණීම තහනම්දුම්වැටි ඇසුරුම කඩා වෙන වෙනම අලෙවි කිරීම තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව දුම්වැටි අලෙවි කිරීමට අවසර ලැබෙනු ඇත්තේ පැකට් වශයෙන් පමණයි.
දුම්වැටි භාවිතය සඳහා

පුද්ගලයින් අධෛර්ය කිරීම මෙහි අපේක්ෂාව වී තිබෙනවා. ඇතැම් විදේශ රටවල ද මීට සමාන නීති් ක‍්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ. සුදු පැහැති දුම්වැටි අසුරණ හඳුන්වා දීම ද කඩිනමින් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.