අද මේ රටේ තීන්දු තීරණ ගැනීමේදී සෘජු නායකත්වයක් නොතිබෙන තත්ත්වයක් දක්නට ලැබෙන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රකාශ කළේය.
ඇතැම් තීරණ ගැනීමේදී එළහරකයි මී හරකයි වගේ දෙපැත්තට අදින තත්ත්වයක් දක්නට තිබෙන බවද මේ රජය තුළ කිසිම පුද්ගලයකු කැපවීමෙන් වැඩකරන තත්ත්වයක් පෙනෙන්නට නොතිබෙන බවද රාජපක්ෂ මහතා ප්රකාශ කළේය.




