ප්‍රදේශ කිහිපයකට පැය 16ක් ජල සැපයුම අත්හිටුවයි

ජල සැපයුම අත්හිටුවයි
කලටුවාව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුතු හේතුවෙන් මෙම 30 වැනිදා (ඉරිදා) උදෑසන 8.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා පැය 16ක කාලයක් මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, ගොඩගම, මීපේ, පාදුක්ක, හංවැල්ල සහ කළුඅග්ගල යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.