මැතිව්ස්ගෙන් නායකත්වය ගිලිහෙන ලකුණු

(Angelo Mathews)
සිම්බාබ්වේ තරග සංචාරය සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සහභාගී නොවන්නේ නම් නායකත්වය රංගන හේරත්ට ලබාදීමේ සූදානමක් පවතිනවා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ පාදයේ පවතින ආබාධයක් හේතුවෙන් මැතිව්ස්ට මාසයක කාලයක් යන තෙක් පන්දු යැවීමෙන් වළකින ලෙසට වෛද්‍යවරුන් උපදෙස් දී ඇති බවයි.

යාපනයේ 'යතුරු පැදි කල්ලි'

යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු මියයාමේ සිද්ධිය
බ්‍රහස්පතින්දා රාත්‍රියේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු මියයාමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් පිරිස මුලින් සැබෑ තොරතුරු හෙළි නොකළ බව අනාවරණය වී ඇතැයි නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක මහතා 'බීබීසී සංදේශය'ට පැවසීය.

යාපනයේ 'යතුරු පැදි කල්ලි' සැරිසරන බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණ බැවින් පොලිසිය ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටි බව අමාත්‍යවරයා පවසයි.

හමුදා ප්‍රධානීන් 5ක්‌ රහස්‌ පොලිසියට


කුසුම් ශ්‍රියන්ත 30වන සංවත්සර ඡායාරුප

ශ්‍රීයන්ත මෙන්ඩිස් සහ ඔහුගේ ආදරණීය බිරිඳ කුසුම් රේණුගේ 30වන විවාහ සංවත්සරය පවත්වා තිබෙනවා.
කුසුම් රේණු සහ ශ්‍රියන්ත මෙන්ඩිස් කලා ලෝකයේ ප්‍රවීනයන් දෙදෙනෙක්.මේ කලාකරුවන් දෙදෙනා කලෙකදී පෙම්වතුන් දෙදෙනෙක්,මව්පියන් සහ දැන් මුනුබුරු මිනිපිරියන් සිටින ආච්චී සහ සීයලා දෙන්නෙක්.
shriyantha mendis And Kusum Renu Married Life Turns 30

චන්දිමාල් හා තිරිමාන්න ටෙස්ට් සංචිතයෙන් හැළෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව විසින් නම්කොට තිබේ.

එහි නායකත්වය සුපුරුදු පරිදි ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව ඇති අතර,ආබාධයක් හේතුවෙන් උපනායක දිනේෂ් චන්දිමාල්ට මෙම තරගාවලිය අහිමි වී තිබේ.