මෙයට මාස තුනකට පමණ පෙර විවාහ වූ තම එකම පුතාගේ බිරිඳට අමුතු යෝජනාවක් කළ හැත්තෑ හැවිරිදි මාමණ්ඩිකෙනකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මාමණ්ඩිගේ බිරිඳ වසර හතරකට පෙර ඔවුන්ගෙන් වෙන්ව යාම නිසා නිවසේ සිටියේ ඔහුත් විසිනම හැවිරිදි පුතාත් පමණි. වැඩි මහල් දුව විවාහවී පිට පළාතක පදිංචියට ගොසිණි. මේ නිසා විවාහයක් කර ගන්නා ලෙස ඔහු පුතාට පැවසූ වාර අනන්තය. අවසානයේ එම ගමට අල්ලපු ගමෙන් ඉදිරිපත් වූ යෝජනාවක් අනුව පුතාගේ විවාහය සිදුවිය.




