ශ්‍රී ලංකාවට යුරෝ කෝටි 21 ක ආධාර

GSP+
ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර වශයෙන් 2020 වසර දක්වා යුරෝ කෝටි 21 ක මුදලක් ලබාදීමට යුරෝපා සංගමය පොරොන්දු වූ බව අගමැති කාර්යාලය පවසයි.

එම ආධාර මුදල 2007 වසරේ සිට 2013 වසර දක්වා යුරෝපා සංගමය ලබා දුන් ආධාර මුදල මෙන් දෙගුණයක් බවත් අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

තිරසාර සාමය ස්ථාපිත කිරීම, ඇවැතැන්වූවන් යළි පදිංචි කිරීම සහ දිළිඳු ප්‍රදේශ සංවර්ධනය කිරීම පිණිස යුරෝපා සංගමය මෙම ආධාර ලබාදෙන බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.
GSP+ තීරු බදු සහනය නැවත ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම පිණිස අගමැති රනිල් වික්‍රමසිංහ මේ දිනවල බෙල්ජියමේ සංචාරයක නිරතව සිටියි.