ශ්රී ලංකාවට සංවර්ධන ආධාර වශයෙන් 2020 වසර දක්වා යුරෝ කෝටි 21 ක මුදලක් ලබාදීමට යුරෝපා සංගමය පොරොන්දු වූ බව අගමැති කාර්යාලය පවසයි.
එම ආධාර මුදල 2007 වසරේ සිට 2013 වසර දක්වා යුරෝපා සංගමය ලබා දුන් ආධාර මුදල මෙන් දෙගුණයක් බවත් අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.




