ශ්‍රී ලංකාවට යුරෝ කෝටි 21 ක ආධාර

GSP+
ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර වශයෙන් 2020 වසර දක්වා යුරෝ කෝටි 21 ක මුදලක් ලබාදීමට යුරෝපා සංගමය පොරොන්දු වූ බව අගමැති කාර්යාලය පවසයි.

එම ආධාර මුදල 2007 වසරේ සිට 2013 වසර දක්වා යුරෝපා සංගමය ලබා දුන් ආධාර මුදල මෙන් දෙගුණයක් බවත් අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

නිරුවතින් රඟපාන්නට හැකියාවක් තිබෙන එකම නිළිය මමයි

“කැමරාවට රෙදි ලිහන්නේ ජීවිතයට රෙදි අදින්න“ යන්න එක්තරා නිර්මාණකරුවකුගේ සිතිවිල්ලකි.

මේ සිතුවිල්ලට අනුව නම් කැමරාව ඉදිරිපිට ඇදුම් නොමැතිව ජවනිකා රඟපාන්නට වන්නේ ඇත්තටම ඇයට තිබෙන්නාවූ අඟහිඟකම් නිසා වන්නට පුළුවන්. නමුත් වර්තමානයේ එම තත්ත්වය වෙනස් වෙමින් පවතින බව අපට පෙනී යනවා.

මේ පිළිබඳ අදහසක් චිත්‍රපට නිෂ්පාදිකාවක් මෙන්ම ජනප්‍රිය නිළියක් වුණු අනෝමා ජනාදරී සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණා.

ශ්‍රී ලංකන් ගුවන් යානා තුළ Samsung Note7 තහනම්

ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදි Samsung Note7 ජංගම දුරකථන ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් යානාවන්හි රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

මෙම තහනම පනවා ඇත්තේ එම ජංගම දුරකථන උපාංග විදුලි බලය හා සම්බන්ධ වීමේදී වාර්තා වූ පිපිරීම් සිද්ධීන් කිහිපයක් පදනම් කරගනිමිනි.

සජිත් ෆේස්බුක් වීඩියෝව ගැන කතා කරයි

තමන් සම්බන්ධයෙන් මේදිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාප්තවන වීඩියෝව සම්බන්ධයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

තරුණ තරුණියන්ට රැකියා ලබාදීම සඳහා සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ඔහුගේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු එක්තරා ස්ථානයක සිට කටයුතු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයේ ව්‍යාප්තවෙමින් ඇති අතර සජිත් ප්‍රේමදාස ඇමතිවරයාද ඒ ගැන ඔහුගේ ෆේස්බුක් ගිණුම මගින් ප්‍රතිචාර දක්වා ඇත.

පුංචි දියණියක් පැවදි දිවියට

ජීවිතේ මොන තරම් සැප සම්පත් රැස්කරගත්තත් කවදාහරි ජීවිත ගමනින් සමුගන්නකොට ඉතිරි වෙන්නේ තමන් කළ හොඳ නරක විතරයි.

තමන්ගේ ආගමට දහමට අනුව ජීවත් වෙන කෙනෙකුට හදවතේ සතුට හැමදාමත් රැදිලා තියෙනවා.මේ විදිහට අපි කියන්න හිතුවේ මේ දවස්වල මුහුණුපොතේ හුවමාරු වෙන ඡායාරූප කිහිපයක් නිසා.