මිහින් ලංකා සමාගමට බිම් මෙහෙයුම් උපකරණ ගෙන්වීමට ටී.පී.එල්. ඉන්ටර් පෞද්ගලික සමාගමට ලබාදීමෙන් අයුතු සහගත ලාභයක් ලබාගත් බව කියන අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතා රුපියල් 2,50,000ක මුදල් හා කෝටි 4ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (20) නියම කළේය.
අධිකරණ නොතීසි මත පෙනී සිටි සජින් වාස් ගුණවර්ධන මහතාගේ විදේශ ගමන් තහනම් කරමින් ඒ සම්බන්ධව ආගමන විගමන පාලකට දැනුම් දෙන ලෙසටද මහේස්ත්රාත්වරයා නියෝග කළේය.




