පැරාලිම්පික් සූරයාට ලක්ෂ 25ක්

බ්‍රසීලයේ රියෝද ජැනයිරෝහී නිමාව දුටු පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම දිනාගත් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට රුපියල් ලක්ෂ 25ක් හා ඔහුගේ පුහුණුකරු රෝහිත බණ්ඩාර මහතාට රුපියල් ලක්ෂ 6ක් පිරිනැමෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ තරු පහේ හෝටලයකදී අද රාත්‍රියේ පැවැත්වෙන විශේෂ උපහාර උළෙලකදී මෙම මුදල් පරිත්‍යාග සිදු කෙරෙයි. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ක්‍රීඩකයාට රුපියල් ලක්ෂ 15ක් හා පුහුණුකරුට රුපියල් ලක්ෂ 3.5ක්, පැරා ක්‍රීඩාවට අනුග්‍රහය දක්වන ඩයලොග් ආයතනයෙන් ක්‍රීඩකයාට රුපියල් ලක්ෂ 10ක් හා පුහුණුකරුට රුපියල් ලක්ෂ 2.5ක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

දිනේෂ් ප්‍රියන්ත හේරත් සමග ශ්‍රී ලංකා පිළ අද පස්වරු 5.30ට කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපොළට ගොඩ බසින අතර එහි විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ උණුසුම් පිළිගැනීමකින් අනතුරුව කොළඹ තරු පහේ හෝටලයකදී විශේෂ මාධ්‍ය හමුවක් හා පිළිගැනීමේ උළෙල පැවැත්වේ.

රියෝ පැරාලිම්පික් ක්‍රීඩා පිරිමි හෙල්ල විසිකිරීමේ F46 (එක් අතක් අහිමි) ඉසව්ව මීටර් 58.23කින් නිම කරමින් දිනේෂ් ප්‍රියන්ත හේරත් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.