ලේලියට අතවර කළ මාමා රක්ෂිතයට

තම ලේලියට ලිංගික අතවර කරන ලද බවට චෝදනා ලැබූ 51 හැවිරිදි අයෙකු සැප්තැම්බර් 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහේස්ත‍්‍රාත් ඕෂද විෂාන් ඒකනායන මහතා පසු ගිය නියම කළේය.

සැකකරුගේ පුතාගේ විවාහක බිරිඳ විසින් පසු ගිය 13 වන දින ඌරුබොක්ක පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම අය 15 වන දින පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

’’ස්වාමි පුරුෂයා කොළඹ ප‍්‍රදේශයේ මේෂන් වැඩ කර මාසයකට දින කීපයක් ගෙදර පැමිණෙන බවත්, නැන්දත්, මාමාත් සමග තමා දරුවා එක්ක එම ගෙදර ජීවත් වන බවත්, මාස කීපයක සිට මාමා තමා බදාගෙන ලිංගික අතවර කළ අතර එය ඉවසා සිටිය නොහැකි නිසා පොලිසියට පැමිණිළි කළ බව 23 හැවිරිදි එක්දරු මවක්වන වින්දිතිය පොලිසියට පවසා තිබේ. ඌරුබොක්ක පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්මන් කුමාර මහතා ගේ උපදෙස් පරිදි නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වති.