රවුම් ප්ලග් සහිත විදුලි උපකරණ තහනම්

2018.8.16 වන දින සිට රවුම් ෆ්ලග් සහිත විදුලි උපකරණ ශ්‍රී ලංකාවට ගෙන්වීම සහ අලෙවිය තහනම් කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ විදුලි උපකරණ භාවිතා කිරීමේදී ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් බවයි මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ.

ව්‍යවස්ථා බිල්ලෙක් එපා මල්වතු නාහිමි විමල්ට කියති

යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත හෝඑළිදක්වා නොමැති අවස්ථාවක බොරු සැකයක් ඇති කරගෙන එමගින් රටට අහිතකර දේ සිදුවන බව කීම අනුමත කළ නොහැකි යැයි මල්වතු පාර්ශ්වයේ මහනායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ.

ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා කිහිප විටකදී යෝජිත නව ව්‍යවස්ථාව තුළින් බෙදුම්වාදය ඇති කරන කිසිදු යෝජනාවක් ගෙන නොඑන බවපවසා ඇතැයිද මහනාහිමියෝ එහිදීකියා සිටියහ.

දුමින්ද බලන්න ආ විශාල පිරිසක් හරවා යවලා

මරණ දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා බැලීම සඳහා වැලිකඩ
බන්ධනාගාරයට පැමිණි විශාල පිරිසක් නැවත හරවා යැවීමට බන්ධනාගාර පාලන අධිකාරිය කටයුතු කර තිබේ.

මරණ දණ්ඩනය හිමි වූවකු බැලීම සඳහා ඥාතිවරයකුට හෝ මිතුරකුට අවසර හිමිවනුයේ සතියකට එක් දිනකි.

මහින්ද කතරගම ආගමික වතාවත්වල

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (11 වැනිදා) රාත්‍රියේ විශේෂ ආගමික වතාවත් කිහිපයකට එක්‌වීමට කතරගම පුදබිම වෙත පැමිණ සිටියේය.

ප්‍රථමයෙන් කිරිවෙහෙර වැඳපුදා ගත් හිටපු ජනාධිපතිවරයා පසුව දේවාල භූමියට පැමිණ අෂ්ඨඵල බෝධියේ ආශිර්වාදය ලබා ගත්තේය.

ඒකාබද්ධ විපක්‍ෂයට තවත් පක්‌ෂ 7ක්‌

ඒකාබද්ධ විපක්‍ෂය ප්‍රධානත්වයෙන් ගොඩනඟන ආණ්‌ඩු විරෝධී ජනතා බලවේගය සමග එක්‌ව ඉදිරියේදී කටයුතු කිරීමට තවත් දේශපාලන පක්‍ෂ 7 කට වැඩි ප්‍රමාණයක්‌ එකඟතාව පළකර තිබේ.

හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පසුගිය දිනවල එම පක්‍ෂ ප්‍රධානීන් සමග කළ සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවට පැමිණ ඇත.