මහින්ද කතරගම ආගමික වතාවත්වල

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (11 වැනිදා) රාත්‍රියේ විශේෂ ආගමික වතාවත් කිහිපයකට එක්‌වීමට කතරගම පුදබිම වෙත පැමිණ සිටියේය.

ප්‍රථමයෙන් කිරිවෙහෙර වැඳපුදා ගත් හිටපු ජනාධිපතිවරයා පසුව දේවාල භූමියට පැමිණ අෂ්ඨඵල බෝධියේ ආශිර්වාදය ලබා ගත්තේය.

පසුව මහා දේවාලය වෙත පැමිණ කතරගම දෙවියන් හමුවේ පූජාවක්‌ තබා දේව ආශිර්වාද ලැබීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ශ්‍රී අභිනවාරාම විහාරස්‌ථානය වෙත ගොස්‌ විෂ්ණු හා කතරගම දෙවියන් වෙත පලතුරු පූජාවක්‌ තබා ආශිර්වාද ලැබීය. මෙම අවස්‌ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාද එක්‌ විය. රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්‌ත්‍රපති කපුගම සරණතිස්‌ස හා කතරගම කිරිවෙහෙරවාසී තලගල ඥනානන්ද හිමිවරු ආගමික වතාවත් සිදුකළහ.