රවුම් ප්ලග් සහිත විදුලි උපකරණ තහනම්

2018.8.16 වන දින සිට රවුම් ෆ්ලග් සහිත විදුලි උපකරණ ශ්‍රී ලංකාවට ගෙන්වීම සහ අලෙවිය තහනම් කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ විදුලි උපකරණ භාවිතා කිරීමේදී ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් බවයි මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ.