මරණ දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා බැලීම සඳහා වැලිකඩ
බන්ධනාගාරයට පැමිණි විශාල පිරිසක් නැවත හරවා යැවීමට බන්ධනාගාර පාලන අධිකාරිය කටයුතු කර තිබේ.
මරණ දණ්ඩනය හිමි වූවකු බැලීම සඳහා ඥාතිවරයකුට හෝ මිතුරකුට අවසර හිමිවනුයේ සතියකට එක් දිනකි.




