මමත් සරණ පූසා වගෙයි

හිරේ දමා තමාව හීලෑ කර ගත නොහැකි බවත් යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැති බවත් පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිළ මහතා පැවැසීය. එසේම තමා සිඳු කතාවේ සරණ නම් පූසා වගේ බවද ඔහු පැවැසීය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අතමින් ඔහු මේ බව පැවැසීය.

“මා ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියලා තිබෙනවා “හිරේ දාලත් මුගේ කට නම් අඩු වෙලා නෑ කියලා. මමත් කියනවා හිරේ දාලා මාව හීලෑ කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක හීනයක්.

නිවසින් ආහාර ගන්න දුමින්ද කළ ඉල්ලීම ඉවතට

මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සිය නිවසින් ආහාර ගෙන්වා ගැනීමට කළ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

මරණ දඬුවම නියම වූවන්ට තම නිවෙස්‌වලින් ආහාර ලබාගැනීමට අවසර හිමි වන්නේ නැතැයි බන්ධනාගාර ප්‍රකාශකයෙක්‌ පැවසීය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ බී 3 වාට්‌ටුවේ රඳවා සිටී.

තෝසේ කන්න හූනු පරිප්පු හොදි..!

සමන්තුර නගරයේ ප්‍රසිද්ධ හෝටලයකින් තෝසේ කෑමට පැමිණි අයකුට තෝසේ සමඟ ලබාදුන් පරිප්පු බඳුනේ හූනකු හමුවීම නිසා එම පුද්ගලයා දින දෙකක් සමන්තුර රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත.

මේ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කොට අධිකරණයට දැනුම්දීමෙන් පසුව එම ආහාර සාම්පල් රජයේ රසපරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබා ගැනීමට සහ එම වාර්තාව ලැබෙන තුරු ඉදිරි මාසයක කාලයක් හෝටලය මුද්‍රා තැබීමට සමන්තුර මහෙස්ත්‍රාත් එම්.එච්.එම්. පසිල් මහතා නියෝග කර ඇත.

දිඹුලාගල ගොවියෝ කුඹුරු ගිනි තියති

නංගී කෙලෙසා පැනගොස් සිටි අයියා මාට්ටු

කෑ ගැසීමට නොහැකි වන සේ අතින් කට වසා රුපියල් දහසක නෝට්ටුවක් ලබාදී නිදියහනේදීම තම නැඟණිය කෙලෙසා ලබාදී තිබූ රුපියල් දහසේ නෝට්ටුව ආපසු උදුරාගෙන පලා ගොස් සිටි බව කියන අයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බව වැලිගම පොලිසිය පවසයි.

සැකකරුගේ වයස අවුරුදු 31කි. අවිවාහකයකු වන ඔහු කම්කරු රැකියාවේ යෙදෙන්නෙකි වින්දිත තරුණියගේ වයස අවුරුදු 23කි.