හිරුණිකා වෙඩි වැදුණු භාරතගේ ඡායාරූපයක් ප්‍රසිද්ධ කරයි

භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වෙඩි වැදුණු පසු ලබා ගත් ඡායාරූපයක් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබෙනවා.

ඈ එම ඡායාරූපය පෙන්වමින් ප්‍රකාශ කර ඇත්තේ “මේ පිංතූරය දකින හැම වෙලාවකම මම හිතන්නේ එය ඇත්ත ඡායාරූපයක් නොවෙයි කියලයි. මොකද මම හැමවෙලාවෙම මතක තිබෙන්නේ ඔහුගේ සිහනවින් පිරුණ ඔහුගේ කඩවසම් මුහුණයි. මගේ ජීවිතයේ පළමුවරට තමයි මෙම ඡායාරූපය පළ කරන්නේ. ඔබගේ අනුකම්පාව පිණිස නොවෙයි. නමුත් මෙයින් ඔබට දැනගත හැකිවේවි ඔහුගේ හිසට වෙඩි පහර එල්ල වී තිබුණේ කෙසේද කියා. මෙවැනි වෙඩි පහරකින් පසුව තත්පරයක්පවා ජීවත්වීම සිදුවිය නොහැක්කක්.. යමක් සිතන්නට..”

සියලු වෙබ් අඩවි ලියාපදිංචිය අනිවාර්යයි - නැත්නම් බ්ලොක් කරයි?

සියලු වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විදුලි සංදේශ කොමිසම සමග පසුගිය සතියේදී පැවති විශේෂ සාකච්ඡාවකදී සියලු වෙබ් අඩවි කොමිසමේ ලියාපදිංචි වීම පිළිබඳ සාකච්ඡා කර ඇත.

දැනට පවත්වාගෙන යන වෙබ් අඩවි ප්‍රමාණය ගණන් කළ නොහැකි තරම්ය. ආයතන, අමාත්‍යාංශ, පෞද්ගලික ආයතන ඇතුළු පෞද්ගලික මට්ටමේ වෙබ් අඩවි දස දහස් ගණනක් දැනට පවත්වා ගෙන යයි.

නාමල්ගේ පක්‌ෂ සාමාජිකත්වය අත්හිටුවන්න යයි

හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතාගේ පක්‌ෂ සාමාජිකත්වය අත්හිටුවා ඔහුට එරෙහිව විනය පරීක්‌ෂණයක්‌ පැවැත්විය යුතු බවට වන යෝජනාවක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මීළඟ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පක්‌ෂය හා පක්‌ෂ නායකත්වයට දිගින් දිගටම විවේචනය කිරීම හා දූෂණ චෝදනා එල්ලවීම යන කරුණු පදනම් කරගෙන මෙම යෝජනාව මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

හදිසි ඡන්දයක්‌ ඡන්ද කොමසාරිස්‌ සූදානම් වෙයි

හදිසි මැතිවරණයකට මුහුණදීම සඳහා මැතිවරණ කොමිසම සිය කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. රට පුරා ඡන්ද මධ්‍යස්‌ථාන තේරීම හා ඒවා පරීක්‍ෂා කිරීමේ කටයුතු මීට දින කීපයකට පෙර ආරම්භ කළ බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

එමෙන්ම පාසල් නිවාඩු කාලය අවසන් වීමෙන් පසුව මැතිවරණ රාජකාරි සඳහා යොදවනු ලබන නිලධාරීන් පිළිබඳ සංගණනයක්‌ සිදුකොට නිලධාරි ලැයිස්‌තු සකස්‌ කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ. මැතිවරණ කොමිසමේ මෙහෙයවීම මත දිස්‌ත්‍රික්‌ මැතිවරණ කාර්යාල මගින් මෙම වැඩ කටයුතු සිදුකරනු ලබයි.