හිරේ දමා තමාව හීලෑ කර ගත නොහැකි බවත් යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැති බවත් පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිළ මහතා පැවැසීය. එසේම තමා සිඳු කතාවේ සරණ නම් පූසා වගේ බවද ඔහු පැවැසීය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අතමින් ඔහු මේ බව පැවැසීය.
“මා ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියලා තිබෙනවා “හිරේ දාලත් මුගේ කට නම් අඩු වෙලා නෑ කියලා. මමත් කියනවා හිරේ දාලා මාව හීලෑ කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක හීනයක්.




