මරණ දඩුවම් තීන්දුවට එරෙහිව දුමින්දගෙන් අභියාචනයක්

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවට අදාළව විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල ලබාදුන් තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නිතිඥ අනූජ ප්‍රේමරත්න මහතා පවසයි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතන නඩුවට අදාළව තීන්දුව මහාධිකරණයේදී ප්‍රකාශයට පත්කළ අතර එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කළේය.

"එක් විනිශ්චකරුවෙකුගේ තීන්දුව වූයේ සියලුම පුද්ගලයන් නිදොස් කොට නිදහස් කරන්න. එක් විනිශ්චකාරවරියක් තීන්දුව දුන්නේ සමහර විත්තිකරුවන් සමහර චෝදනාවලට වරදකරු කරලා. ඒ විනිශ්චකාරවරිය සමග තවත් විනිශ්චකාරවරයෙක් එකඟ වුණා. නමුත් ඒ තීන්දුවෙන් විත්තිකරුවන් අතෘප්තියට පත් වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපිට තියෙන ඊළග නීත්‍යානුකූල පියවර වන්නේ ඇපෑලක් ඉදිරිපත් කිරීමයි. අපි ඒ ඇපෑල ඉදිරිපත් කරනවා නොබෝ දිනකින්” යැයි පැවැසීය. 

නාමල්ගේ රථය තීරුබදු බලපත්‍ර මගින් ගේන්න බෑ

මූල්‍ය අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි කියූ මෝටර් රථය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන තීරුබදු රහිත බලපත්‍රය මගින් ගෙන්විය නොහැකි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. ඊයේ (07දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

එමෙන්ම මෙම මෝටර් රථය නැවත විකුණා ඇති පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමේදී නාමල් රාජපක්ෂ මහතා ගනුදෙනු කර ඇති පුද්ගලයන් පිළිබඳ කරුණු ආනාවරණය කර ගත හැකි බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මහජන බැංකු හොරකමේ තවත් සුලමුල ජවිපෙ හෙළි කරයි

රුපියල් කෝටි 60ක් වැය කරමින් මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීමේ වංචාවට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසමට සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙයි.

අදාළ පැමිණිල්ල ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.

මද කිපෙද්දි ලිංගය වටා දැමු මුද්ද නිසා තරු පෙනිලා!

ඇඟිල්ලට මුද්දක් පලඳිනවා සේ තම ලිංගය වටා ලෝහ වළල්ලක් දමා සිටියදී ලිංගය ප්‍රාණවත් වීමත් සමඟ දැඩි අපහසුතාවට පත්වූ අයෙක් ඉකුත් දිනෙක රාත්‍රියේ නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට තිබිණි.

නාසය හා කන්පෙතිවල එක එක වර්ගයේ ලෝහ වළලු එල්ලාගෙන සිටි ඔහු නුවරඑළියේම පදිංචිකරුවකු බව හෙළිවී ඇත.වාට්ටු සේවක කාර්ය මණ්ඩලය එම වළල්ල ප්‍රවේශමෙන් කපා ඉවත් කිරීමෙන් අනතුරුව ඔහුට තවදුරටත් නේවාසික ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබේ.

ඇපල් iphone 7 පැමිණෙයි

ඇපල් සමාගමේ නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන iphone 7, iphone 7 plus සහ ඇපල් ස්මාර්ට් watch එක ඊයේ ලෝකෙටම හඳුන්වා දුන්නා.

එතෙක් මෙතෙක් ඉතිහාසයේ ඇපල් සමාගම විසින් නිර්මාණය කළ හොඳම සහ බලවත්ම ජංගම දුරකතනය ලෙස එම සමාගම නම් කරන්නේ මෙම නවතම iphone 7 සහ iphone 7 plus දුරකතනයන් දෙකයි.