රුපියල් කෝටි 60ක් වැය කරමින් මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීමේ වංචාවට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසමට සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙයි.
අදාළ පැමිණිල්ල ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.




