බන්දුලත් සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වෙයි

තමන් හෝමාගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වන බව මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් විසින් හෝමාගම පිටිපන හරිත විශ්වවිද්‍යාලය හෙවත් ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යාලය ඉදි කිරීමට තැබූ මුල්ගල ඉවත් කිරීමට යන්නේයැයි තමන්ට ආරංචි ලැබී ඇති බවත් එයට විරෝධය දක්වමින් තමන් මෙසේ සිය ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බවත් තම ඉල්ලා අස්වීමේ ලිපිය අද (21) රාත්‍රී ජනපතිට බාර දෙන බවත් ඔහු පවසයි.

5 ශිෂ්‍යත්ව විභාගය අද

පහ ශේ්‍රණියේ ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා මධ්‍යස්‌ථාන 2959 කදී අද (21 වැනිදා) පැවැත්වේ.

සිසු සිසුවියෝ 350701 දෙනෙක්‌ මේ සඳහා පෙනී සිටිති. ඒ අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 421 ක්‌ වෙති. විභාගය සඳහා 28000 ක පමණ කාර්ය මණ්‌ඩලයක්‌ යෙද වේ.

විභාගයේ විවේක කාලයේදී හෝ වෙනත් අවස්‌ථාවක දී දෙමවුපියන්ට විභාග මධ්‍යස්‌ථානවලට ඇතුළුවීම සපුරා තහනම් බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එස්‌. ඡේ. පුෂ්පකුමාර මහතා ට පැවසීය.

හමුදා කඳවුරු 64 ක්‌ නැගෙනහිරින් ඉවතට

නැගෙනහිර පළාතේ ස්‌ථානගත කර තිබූ හමුදා කඳවුරු හැටහතරක්‌ ඉවත් කිරීමට රජය තීරණය කර ඇත. 2016 ආරම්භ වන විට නැගෙනහිර පළාතේ හමුදා කඳවුරු 162 ක්‌ පිහිටුවා තිබූ අතර එම ප්‍රමාණය අගෝස්‌තු 31 වනවිට 98 දක්‌වා අඩු කිරීමට කටයුතු කර ඇත.

මේ අනුව ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ හමුදා කඳවුරු 64 ක්‌ පිහිටුවා තිබූ අතර එය 33 දක්‌වා අඩු කෙරේ.

දයා ගමගේ ගල්ඔය වැලි කොල්ලයක

ශ‍්‍රී ලංකාවේ විශාලතම ස්වාභාවික වැලි නිධිය සහිත ගල්ඔය ගඟේ වැලි ගොඩ දැමීම සඳහා නියමිත ක‍්‍රමවේදයෙන් බැහැරව සිය දේශපාලන හිතවතුන්ට බලපත‍්‍ර ලබා දීමට ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා කටයුතු කර තිබේ.

ගල්ඔයෙහි වැලි ගොඩ දැමීම සඳහා මෙතෙක් කාලයක් බලපත‍්‍ර නිකුත් කෙරුණේ දිස්ත‍්‍රික් ලේකම්, අදාළ ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය ලේකම්, වාරිමාර්ග අධ්‍යක්ෂ, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය යන ආයතනවල ප‍්‍රධානීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසිනි.

මහින්දානන්ද ඇතුළු 10ක් ඩීල් පිට මෛත‍්‍රී තුරුලට

හිටපු ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූ‍ත්ගමගේ මහතා ඇතුළු තවත් මහින්දවාදී විපක්ෂය නියෝජනය කළ මන්ත‍්‍රීවරු 8 දෙනකුට එල්ල වී ඇති කළු සල්ලි සුදු කිරීම මූල්‍ය අක‍්‍රමිකතා ආදිය හේතුවෙන් නීතියෙන් ගැලවීම උපක‍්‍රමයක් ලෙස ශ‍්‍රීලනිපයේ මෛතී‍්‍ර පාර්ශ්වය හා එක් වීම සූදානමක් ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම මහින්දානන්ද අලූ‍ත්ගමගේ මහතා පසුගිය රාජපක්ෂ පාලනය පැවැති සමයේ දී අත්පත් කරගෙන තිබෙන වත්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබුණ පැමිණිල්ලක් විමර්ශනය කිරීමේ දී එම වත්කම් අත්පත් කර ගත්තේ කෙසේදැයි හෙළි කිරීමට ඇමැතිවරයා තවමත් අසමත්ව සිටින බව දැන ගැනීමට ඇත.