බන්දුලත් සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වෙයි

තමන් හෝමාගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වන බව මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් විසින් හෝමාගම පිටිපන හරිත විශ්වවිද්‍යාලය හෙවත් ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යාලය ඉදි කිරීමට තැබූ මුල්ගල ඉවත් කිරීමට යන්නේයැයි තමන්ට ආරංචි ලැබී ඇති බවත් එයට විරෝධය දක්වමින් තමන් මෙසේ සිය ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බවත් තම ඉල්ලා අස්වීමේ ලිපිය අද (21) රාත්‍රී ජනපතිට බාර දෙන බවත් ඔහු පවසයි.

එම මුල්ගල ඉවත් කිරීමට යන බව කියමින් පිරිසක් අද උද්ඝෝෂණයකද නිරත වූහ.

2012 වසරේ අගොස්තු මාසයේදී ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් මිලියන 6000ක වියදමින් මෙම විද්‍යාලය ඉදිකිරීමටමුල්ගල තැබූ නමුත් වසර 4ක් ගතව ඇතත් එහි මුල් ගල පමණක් ඉතිරිව තිබේ.