සජින් වාස්ට නොතීසි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට ලබන මස 20 වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබෙනවා.

ඒ, ඔහු මිහින්ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සමයේ එම සමාගමට රුපියල් මිලියන 883 ක් පාඩු කිරීමේ චෝදනාවටයි.

දුවන තරගෙන් පැනලා රන් පදක්කම ගත්ත ක‍්‍රීඩිකාව

මෙවර ඔලිම්පික් තරගාවලියේ මීටර 400 කාන්තා අවසන් තරගයේ විප්ලව කාරී වෙනසක් සිදුවෙමින් දෙවැනියාව සිටි කෙනා පළමු වෙනියා බවට පත්වූයේ එක් ප්‍රතිවාදියාට වඩා අවසන් මොහොතේ පසුපසින් සිට දෙවැනියා පාද අවසන් සීමාවට එන්නට පෙර බලෙන් පැන අත ඉදිරියට දැමූ නිසාය.

මේ ආකාරයට තරගය ජයගත්තේ බහාමාස් ක‍්‍රීඩිකා මිලර්ය. මෙම ඉසව්වෙන් පෙර රන් පදක්කම හිමි ඇමරිකානු ක‍්‍රීඩිකා ෆෙලික්ස් මේ නිසා දෙවැනියා බවට පත්වුණා.

දිමුත්ගේ අමුතු අවුට් එක - වීඩියෝ

එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන  ඕස්ටේ‍්‍රලියා ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් තරගය අතරතුර කලාතුරකින් සිදුවන අතපසුවීමක් ප‍්‍රයෝජනයට ගෙන දිමුත් කරුණාරත්නව දවාගන්නට කඩලූ රකින ක‍්‍රීඩක පීටර් නෙවිල්ට අද හැකි වුණා.

එම දැවී යාම පොතේ හැටියට නිවැරදි වුවත් කෙතරම් දුරට සදාචාර සම්පන්නද යන්න ගැන දැන් විවාදයක් හටගෙන තිබේ.

හේරත් පහේ ඒවා 25ක් ගනී

ඔස්ට්‍රේලියාව සමගින් පැවැතවෙන තෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවේ රංගන හේරත්, ඉනිමේ සිය කඩුළු 5 සම්පූර්ණ කිරීමට ඊයේ (15) සමත් විය.

ජොස් හැසෙල්වුඩ්ගේ කඩුල්ල දවා ගනිමින් හේරත් විසින් මෙම දස්කම ප්‍රදර්ශණය කළ අතර මෙය ඔහු ටෙස්ට් ඉනිමක කඩුළු 5 බැගින් දවා ගත් 25 වැනි අවස්ථාව ලෙසින් සනිටුහන් විය.

චන්ද්‍රිකාගේ චෝදනාවට ගෝඨාගෙන් සැර පිළිතුරක්! (VIDEO)

යුද්ධය සඳහා ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුකර ඇති බවට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශයට හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රතිචාර දක්වා තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපියේ දැක්වෙන්නේ තමන්ගේ කාලයේදී යුධ උපකරණ මිලදී ගැනීමේදී උපරිම පාරද්‍රෘශ්‍යභාවය ආරක්ෂා කළ බවයි.