හේරත් පහේ ඒවා 25ක් ගනී

ඔස්ට්‍රේලියාව සමගින් පැවැතවෙන තෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවේ රංගන හේරත්, ඉනිමේ සිය කඩුළු 5 සම්පූර්ණ කිරීමට ඊයේ (15) සමත් විය.

ජොස් හැසෙල්වුඩ්ගේ කඩුල්ල දවා ගනිමින් හේරත් විසින් මෙම දස්කම ප්‍රදර්ශණය කළ අතර මෙය ඔහු ටෙස්ට් ඉනිමක කඩුළු 5 බැගින් දවා ගත් 25 වැනි අවස්ථාව ලෙසින් සනිටුහන් විය.

රංගන හේරත් ඉනිමේදී ලකුණු 81ට කඩුලු 6ක් බිඳ හෙලීමට සමත්විය.