දකුණු ආසියාවේ සිගරට් මිල අධිකම රට ලංකාව

දකුණු ආසියානු කලාපයේ සිගරැට් 20ක සහිත පැකට්ටුවක මිල ඉහළම රට වශයෙන් ශ්‍රී ලංකාව පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ සඳහන් වෙයි.

2016 වසරේ වෙළෙඳපොළ පවතින මිල ගණන් අනුව ශ්‍රී ලංකාවේ දුම්වැටි පැකට්ටුවක මිල රුපියල් 700ක් ලෙස වාර්තා වී ඇති අතර මාලදිවයිනේ එය රුපියල් 365.93ක් ලෙසත්, ඉන්දියාවේ රුපියල් 260.74ක් ලෙසත්, බංග්ලාදේශයේ රුපියල් 133.34ක් ලෙසත්, පාකිස්තානයේ රුපියල් 71.11ක් ලෙසත් සඳහන්ව ඇත. අදාළ වාර්තාවට අනුව ආසියාවේ සියලුම රටවල් අතරින් දුම්වැටි පැකට්ටුවක මිල අධිකම රටවල් ලෙස ශ්‍රී ලංකාවට ඉහළින් ඇත්තේ ඕස්ට්‍රේලියාවත්, නවසීලන්තයත්, සිංගප්පූරුවත් පමණි.

ලෝචනා දැන් තැන්පත් වෙලාලු

ලෝචනා ඉමාෂි ගැන කතා කරනවා නම් ඇගේ කට ගැන කතා නොකරම බැහැ. ඒ කට ගැන කතා නොකරන කට මක්කැයි. ලෝචනාව මතක් වන සෑම වාරයකදීම ඇගේ ඝාණ්ටාර කට නම් සිහියට නැඟෙනවාමයි. හැබැයි මේ මෑත කාලයේ ඉඳලා ඒ කට නම් ටිකක් අඩු වෙලා. 

ඒ කිව්වේ වක්කඩේ කැඩුවා වගේ ඇගේ කියවිල්ල සෑහෙන්න සීමා වෙලා. ඒ වගේම ලෝචි දැන් ඉස්සර වගේ දකින දකින කෑම ජාති බඩට දාගන්නේ නැතිලු. ඒකට ප්‍රධානම හේතුව තමයි ඇගේ කුසට අමුත්තෙකු පැමිණීම. ඇය දැන් ඒ කෙනා වෙනුවෙන් බොහොමත්ම පරිස්සම් වෙනවලු. අවශ්‍ය දේවල් විතරමලු කන්නෙ බොන්නෙ. ඒ වගේම හරි තැන්පත් වෙලාලු.

සචිනිට වහ වැටුණු කෙනා !

සචිනි අයේන්ද්‍රාට වහ වැටුණු කෙනෙක් ඉඳලා. මෙයා සචිනි ඉන්න නිර්මාණ එකක් නෑරම බලපු කෙනෙක්. මෙයා කොහෙන් හරි සචිනිගේ දුරකතන අංකය සොයාගෙන සචිනිට කතා කරනවා කතා කරනවා ඉවරයක් නැතිලු. සාමාන්‍යයෙන් රසිකයකු කලාකරුවෙකුට වධයක් වුණත් ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් සචිනිත් මේක සොඳුරු කරදරයක් හැටියට මැදිහත් සිතින් සලකලා. 

ඔන්න දිනක් මේ කෙනා සචිනිව දැක බලා ගන්න ආසයි කිව්වලු. ගේ තියෙන තැනත් ඇහැව්වලු. සචිනි කියලා නැහැ. ඔන්න දවසක් සචිනි ගියාලු අයි. ටී. එන්. එකේ වැඩ සටහනක් සඳහා. ඒක ඉවර වෙලා ගෙදර ඇවිල්ලා සචිනි නිදාගන්න හදන කොට කෝල් ඒකක් එනවලු අර තැනැත්තාගෙන්. 

ලංකාවේ ලොකුම ඔරලෝසුව

ලෝකයේ ලොකුම ඔරලෝසුව ඇත්තේ හිරු නොබසින රාජ්‍යයේය. ඒ බිග්බෙන් ඔරලෝසුවයි. නමුත් ශ්‍රී ලංකාවේ ලොකුම ඔරලෝසුව ඇත්තේ දික්වැල්ලේ වැවුරුකන්නල මහා විහාරයේ බව දන්නේ කියෙන් කී දෙනාද.

සුවිශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ පිහිටි නිසා දෙස් - විදෙස් සංචාරකයින්ගේ හා සැදැහැවතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ මෙම පින් බිමෙහි පිහිටි චෛත්‍ය රාජයාණන්ට පැය භාගයකට වරක් ශබ්ද පූජාවක් ලෙස සීනුව නාදවන පරිදි සවි කර අති මෙම දැවැන්ත ඔරලෝසුව වැවුරුකන්නලට හිමි වූ ආකාරය දැක්වෙන කතා පුවත ද ඉතා රසවත්ය. මේ පිළිබඳ තොරතුරු හෙළි කළ වත්මන් විහාරාධිපති, අමරපුර සිරි සද්ධම්ම වංශික මහා නිකායේ අනුනායක ආචාර්ය දික්වැල්ලේ තිස්ස හිමියන් කීවේ මෙවන් තොරතුරකි.

සධාතුක කරඬුව පළමුවරට බුරුම රාජාගේ කරපිටින්

ශ්‍රී දළදා මාලිගාවේ බුරුම රාජා හස්තියාට මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම වරට සධාතුක කරඬුව වැඩමකිරීමේ භාග්‍යය තෙවන කුඹල් පෙරහර වීදී සංචාරය කළ පෙරේදා (10) උදාවිය.

බුරුම රාජා හා මියන් රාජා මෙයට වසර 09 කට පෙර දළදා මාලිගාවට මියන්මාර් රජයෙන් පරිත්‍යාගයක් ලෙස හිමි වූ අතර එම ඇතුන් දෙදෙනා මෙතෙක් කළ පෙරහරේ ගමන්ගත්තේ සධාතුක කරඬුව වැඩමකරන්නා වූ හස්තිරාජයාගේ දෑලේ ඇතුන් ලෙසිනි.