සචිනිට වහ වැටුණු කෙනා !

සචිනි අයේන්ද්‍රාට වහ වැටුණු කෙනෙක් ඉඳලා. මෙයා සචිනි ඉන්න නිර්මාණ එකක් නෑරම බලපු කෙනෙක්. මෙයා කොහෙන් හරි සචිනිගේ දුරකතන අංකය සොයාගෙන සචිනිට කතා කරනවා කතා කරනවා ඉවරයක් නැතිලු. සාමාන්‍යයෙන් රසිකයකු කලාකරුවෙකුට වධයක් වුණත් ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් සචිනිත් මේක සොඳුරු කරදරයක් හැටියට මැදිහත් සිතින් සලකලා. 

ඔන්න දිනක් මේ කෙනා සචිනිව දැක බලා ගන්න ආසයි කිව්වලු. ගේ තියෙන තැනත් ඇහැව්වලු. සචිනි කියලා නැහැ. ඔන්න දවසක් සචිනි ගියාලු අයි. ටී. එන්. එකේ වැඩ සටහනක් සඳහා. ඒක ඉවර වෙලා ගෙදර ඇවිල්ලා සචිනි නිදාගන්න හදන කොට කෝල් ඒකක් එනවලු අර තැනැත්තාගෙන්. 

ඔහු සචිනිගේ ගෙවල් ගාවටම ඇවිත්. සචිනිට පුදුමයිලු. ඔහු ගෙදර හොයා ගත්තු විදිහ බැලින්නම් මොකද දන්නවද වෙලා තියෙන්නේ. අයි. ටී. එන්. නාළිකාවේ වැඩ සටහනට සචිනි ඉන්නවා දැකලා අර තැනැත්තා එම චැනල් එකේ කාර්යාලයට ඇවිත්. එතනින් සචිනි එළියට බැහැලා එනකොට ඔහු සචිනිගේ වාහනය ෆලෝ කරලා. එහෙම තමයි ගේ හොයාගෙන තියෙන්නේ. සචිනි හැබැයි එදා හොඳටම බය වුණාලු.

අන්තිමේ මහ රෑ ජාමෙ හස්බනුත් එක්ක සෑහෙන්න ගේමක් දීලා තමයි සචිනිට වහ වැටුණු කෙනාව යවලා තියෙන්නේ.