ලෝචනා දැන් තැන්පත් වෙලාලු

ලෝචනා ඉමාෂි ගැන කතා කරනවා නම් ඇගේ කට ගැන කතා නොකරම බැහැ. ඒ කට ගැන කතා නොකරන කට මක්කැයි. ලෝචනාව මතක් වන සෑම වාරයකදීම ඇගේ ඝාණ්ටාර කට නම් සිහියට නැඟෙනවාමයි. හැබැයි මේ මෑත කාලයේ ඉඳලා ඒ කට නම් ටිකක් අඩු වෙලා. 

ඒ කිව්වේ වක්කඩේ කැඩුවා වගේ ඇගේ කියවිල්ල සෑහෙන්න සීමා වෙලා. ඒ වගේම ලෝචි දැන් ඉස්සර වගේ දකින දකින කෑම ජාති බඩට දාගන්නේ නැතිලු. ඒකට ප්‍රධානම හේතුව තමයි ඇගේ කුසට අමුත්තෙකු පැමිණීම. ඇය දැන් ඒ කෙනා වෙනුවෙන් බොහොමත්ම පරිස්සම් වෙනවලු. අවශ්‍ය දේවල් විතරමලු කන්නෙ බොන්නෙ. ඒ වගේම හරි තැන්පත් වෙලාලු.

අම්මා කෙනෙක් වෙන්න මහත් වූ බලාපොරොත්තුවෙන් ඉන්න ලෝචි මේ දිනවල වැඩිය කලා කටයුතුවල නියැලෙන්නෙත් නැතිලු. බලන්නොකො ඒකෙත් හැටි. කාට බැරි වුණත් පුංචි අමුත්තට පුළුවන් වුණා ලෝචනාගේ අන් ලිමිටඩ් කට මඳකට හෝ අඩු කරන්න.