දකුණු ආසියානු කලාපයේ සිගරැට් 20ක සහිත පැකට්ටුවක මිල ඉහළම රට වශයෙන් ශ්‍රී ලංකාව පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ සඳහන් වෙයි.
2016 වසරේ වෙළෙඳපොළ පවතින මිල ගණන් අනුව ශ්‍රී ලංකාවේ දුම්වැටි පැකට්ටුවක මිල රුපියල් 700ක් ලෙස වාර්තා වී ඇති අතර මාලදිවයිනේ එය රුපියල් 365.93ක් ලෙසත්, ඉන්දියාවේ රුපියල් 260.74ක් ලෙසත්, බංග්ලාදේශයේ රුපියල් 133.34ක් ලෙසත්, පාකිස්තානයේ රුපියල් 71.11ක් ලෙසත් සඳහන්ව ඇත. අදාළ වාර්තාවට අනුව ආසියාවේ සියලුම රටවල් අතරින් දුම්වැටි පැකට්ටුවක මිල අධිකම රටවල් ලෙස ශ්‍රී ලංකාවට ඉහළින් ඇත්තේ ඕස්ට්‍රේලියාවත්, නවසීලන්තයත්, සිංගප්පූරුවත් පමණි.




