මිතුරෙකු ලවා බිරිඳ දූෂණය කරවූ සැමියාට වැඩ වරදී

මිතුරෙකු ලවා තමා ඉදිරිපිටදීම තම බිරිඳව දූෂණය කරවූ පුද්ගලයෙකු පිළිබඳව කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම පුද්ගලයා තම බිරිඳට ආයුධයක් පෙන්වා බියගන්වා අදාළ මිතුරාට ඇය සමග ලිංගික ක්‍රියාවන්හි යෙදීමට ඉඩ සලස්වා ඇති බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් වූ නඩුව පසුගිය දා කෑගල්ල අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ දී නියම කෙරුණේ හිංසනයට ලක් වූ කාන්තාවගේ සැමියාට සහ ඔහුගේ මිතුරාට පළමු චෝදනාවට වසර 12ක්ද, දෙවැනි චෝදනාවට වසර 10ක්ද බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කර එම සිර දඬුවම් එකවර ගෙවී යන ලෙසටත් වැරැදි දෙකටම රුපියල් දස දහස බැගින් විසි දහසක දඩයක්ද ගෙවන ලෙස යි.

ඩලස් ඇතුළු පිරිසක් ආණ්ඩුවට ?

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක් සමඟ ඩලස් අලහප්පෙරුම මහතා ද ආණ්ඩුව හා එක්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ඊයේ (08) ප්‍රකාශ කළේය.

කොළඹ ශ්‍රවස්තියේ දී ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවක දී ඒකාබද්ධ විපක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීදෙනෙකු ආණ්ඩුව හා එක්වන්නේ ද ඒ කවුරුන් ද යනුවෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සදහන් කළේය.

ජනක බණ්ඩාරට එරෙහිව පුළුල් පරීක්ෂණ

මාතලේ ගලේවෙල ප්‍රදේශයේ රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම සහ තවත් රාජ්‍ය දේපොළ බරපතළ ලෙසට වංචා කළේ යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් පුළුල් ලෙස පරීක්ෂණ සිදුකරගෙන යයි.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති රංජිත් අලුවිහාරේ මහතා විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසයටත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමටත් කරන ලද පැමිණිලිවලට අදාළව මෙම පරීක්ෂණ ආරම්භ කර තිබේ.

හිරුණිකා ඇතුළු 9 දෙනාට සිතාසි

දෙමටගොඩ දී තරුණයකු පැහැරගෙන යෑම ඇතුළු අධිචෝදනා 29ක් යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුවට ලබන මස 21 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්තිකරුවන් 09 දෙනාට සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි එන්. රණවක ගුණතිලක මහත්මිය ඊයේ (08) නියෝග කළාය.

IOC තෙල් මිල පහළට

ඉන්දියානු ඔයිල් සමාගම විකුණන එක්ස්ට්‍රා ප්‍රීමියම් යූරෝ පෙට්‍රල් හා එක්ස්ට්‍රා මයිල් ඩීසල් වර්ගය රුපියල් දෙකකින් අද (9) මධ්‍යම රාත්‍රියේ සිට මිල අඩු කිරීමට තීරණය කර තිබේ.