වයඹ පළාත නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයකුගේ පුත්‍රයකු කුලියාපිටිය පොලිස් කොට්ඨාසයේ වන රක්ෂිතවල බලහත්කාරයෙන් මහා පරිමාණ දැව ජාවාරමක නිරත වන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පුත්‍රයා දේශපාලනයට සම්බන්ධ අයකු වන අතර අමාත්‍යවරයාටත් පුත්‍රයාටත් මැතිවරණ සමයේදී උදව් සැපයූ ඡන්ද ආධාරකරුවන් විසින් මෙම පාරිසරික විනාශය සිදුකරමින් තිබෙන බව වාර්තා වේ.


