නුවර පෙරහැර හෙට ඇරඹ‍ෙ

මහනුවර ඓතිහාසාක ඇසළ පෙරහැර හෙට (08) දින ආරම්භ වේ. මහනුවර ඇසළ පෙරහැරෙ පළමු කුඹල් පෙරහැර අද විදි සංචාරය කරන අතර ඒ සඳහා සියලූ කටයුතු මේ වන විට සංවිධානය කර ඇති බව ශ‍්‍රී දළදා මාලිගාව‍ෙ දියවඩන නිළම‍ෙ නිලංග දෑල මහතා පැවසිය.

මෙවර ඇසළ පෙරහැරේ ශ‍්‍රී දළදා මාලිිගාෙවි පෙරහැර සඳහා අති දක්ෂ හැකියාවන් ගෙන් පිරිපුන් කලා කරුවන් ගෙන් සමන්විත නැටුම් කණ්ඩායම් තෝරාගෙන ඇතැයි දියවඩන නිළෙමි වරයා සඳහන් කළේය. පෙරහැරට අවශ්‍ය අලි ඇතුන් ඇතුලූ අනෙකුත් සියලූ කටයුතු ම‍ෙ වන විට සංවිධානය වෙමින් පවතින බව හෙතෙම සඳහන් කළේය.

ඇසල පෙරහැර සදහා විශේෂීත ආරක්ෂාවක් සළසා ඇති අතර බිමත්ව සහ අශෝභන ආකාරයෙන් හැසිරෙන පුද්ගලයින් අත් අඩංගුවට ගැනිමටත් සාමය ආරක්ෂා කිරිමටත් සිවිල් ඇදුමෙන් සැරසුණූ විශේෂිත පොලිස් කණ්ඩායම් යෙදවිමට පොලිසිය පියවර ගෙන තිබ‍ෙ.

මීට අමතරව මත්පැන් පානය කර පෙරහැරට සහභාගි වන කලා කරුවන් සහ ඇත්ගොව්වන් කෙරේ දැඩි අවධාවනයක් යොමු කර එම පුද්ගලයින් අත් අඩංගුවට ගැනිමට පොලිසිය කටයුතු සැළසුම් කර ඇත.

පෙරහැරට සහභාගි වන සියලූ ඡනතාවගේ සනිපාරක්ෂක පහසුකම් මහනුවර මහ නගර සභාව විසින් සම්පාදනය කර තිබ‍ෙ. ඊට අමතරව මහනුවර නගරයේ සියලූම ආපන ශාල සහ ජංගම වෙළෙදුන්ගේ ආහාර පරික්ෂා කිරීමට මහනුවර නගර සභාවේ සෞඛ්‍ය නිලධාරින් කටයුතු කරමින් සිටි.

පෙරහැර නැරඹීමට එන මහඡනතාව ගෙන එන ප්ලාස්ටික් බෝතල් සහ ඉටි කොල වැනි ද්‍රව්‍ය මහමග දමා යාමෙන් වලකින ලෙසද සෞඛ්‍ය බලධාරිහු මහඡුනතාවගෙන් ඉල්ලිමක් කරති. මහනුවර නාගරික බල ප‍්‍රදේශයේ සියලූ මත්පැන්හල් සහ මස් අලෙවි මධ්‍යස්ථාන පෙරහැර අවසන් වන තෙක් වසා තැබිමට බළධාරින් පියවර ගෙන තිබ‍ෙ. මෙවර පෙරහැරට පසුගිය වසරේ මෙන් මහමළුව සහ වැව අද්දර කිසිදු අසුන් පැනවිමක් සිදු නොකරන බවද දියවඩන නිළම‍ෙවරයා වැඩිදුරටත් පැවසිය.

ගයා වන්නිආරච්චි