ලංකා විදුලිබල මණ්ඩලය මගින් කැළණි ගඟ හරස් කර ගිනිගත්හේන පොල්පිටියේ ආරමිභ කර ඇති බොර්ඩිලන්ඩි ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ කැණිමි කටයුතු සිදුකරන උමං මාර්ගයකට ඉහළින් වු විශාල නිවසක් අද (07) උදැසන එක්වරම පොළොෙවි අඩි හැටක් ගැඹුරට ගිලා බැසිම නිසා එම ගමිමානයේ පදිංචිකරුවන් දැඩි නොසන්සුන්තාවයකට පත්වි තිබේ.
පොල්පිටියේ සිට කිතුල්ගල කලූබෝතැන්න දක්වා කිලෝ මිටර් හතරක් දුරට කැණිම් කටයුතු ආරමිභ කර ඇති උමං මාර්ගය හේතුවෙන් එම උමග ඉහළින් වු නිවාස දොළහක පදිංචිකරුවන් තාවකාලිකව ආරකෂිත ස්ථාන කරා යොමු කිරිමට එම ව්‍යාපෘතියේ නිළධාරින් කටයුතු කර තිබුණි.




