ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමේදී විධායක ජනාධිපතිධූරය හා පළාත් සභා බලතල සම්බන්ධයෙන් ජනමත විචාරණයකට තුඩු නොදෙන එකඟතාවන් ඇතිකර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා මාලාවක් ආරම්භ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරු 5 දෙනා බැගින් යුත් කමිටු දෙකක් පත් කර ඇති බව වාර්තා වේ.




