රංගනට සහ කුසල්ට උසස්වීමක්

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී දස්කම් දැක්වූ රංගන හේරත් සහ කුසල් මෙන්ඩිස් ටෙස්ට් ශ්‍රේණීගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා.

මෙම තරගයේදී කඩුලු 9ක් දවා ගත් රංගන හේරත් ටෙස්ට් පන්දු යැවීම්වල දැන් පසුවන්නේ 9 වැනි ස්ථානයේයි. ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ලකුණු 176ක් රැස් කළ කුසල් මෙන්ඩිස් ටෙස්ට් පිතිකරු ශ්‍රේණීගත කිරීම්වල ස්ථාන 27කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඔහු දැන් එම සටහනේ පසුවන්නේ 21 වන ස්ථානයේයි. කුසල් මෙන්ඩිස්ට ඉදිරියෙන් එම සටහනේ සිටින ශී‍්‍ර ලාංකික පිතිකරුවන් දෙදෙනා වන්නේ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් පමණයි.

මැතිව්ස් එම සටහනේ 13 වැනි ස්ථානයේ සහ චන්දිමාල් 20 වැනි ස්ථානයේ පසුවනවා.