ව්‍යවස්ථා සංශෝධනයට සාකච්ඡා අරඹයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමේදී විධායක ජනාධිපතිධූරය හා පළාත් සභා බලතල සම්බන්ධයෙන් ජනමත විචාරණයකට තුඩු නොදෙන එකඟතාවන් ඇතිකර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා මාලාවක් ආරම්භ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරු 5 දෙනා බැගින් යුත් කමිටු දෙකක් පත් කර ඇති බව වාර්තා වේ.

රංගනට සහ කුසල්ට උසස්වීමක්

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී දස්කම් දැක්වූ රංගන හේරත් සහ කුසල් මෙන්ඩිස් ටෙස්ට් ශ්‍රේණීගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා.

මෙම තරගයේදී කඩුලු 9ක් දවා ගත් රංගන හේරත් ටෙස්ට් පන්දු යැවීම්වල දැන් පසුවන්නේ 9 වැනි ස්ථානයේයි. ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ලකුණු 176ක් රැස් කළ කුසල් මෙන්ඩිස් ටෙස්ට් පිතිකරු ශ්‍රේණීගත කිරීම්වල ස්ථාන 27කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

කෙලින් වැඩ කරන හැටි පොලිස්පති කියයි

කලින් සිටි ඇතැම් පොලිස්පතිවරු පොලිසිය විනාශ කළ බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පවසනවා. පොලිස්පතිවරයා ඊයේ (30) මේ බව පැවසුවේ ගාල්ල කොස්ගොඩ ප‍්‍රදේශයේදි පැවති ජන හමුවක් අමතමින්.

මේ අතර අවභාවිත කළ රජයේ වාහනයක් පොලිස් භාරයට ගැනීමට ගිය අවස්ථාවකදි ඊයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මේ සිද්ධිය පිළිබඳවත් පොලිස්පතිවරයා අදහස් පළ කලා.

පාද යාත්‍රාව අදට නවතියි

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාව  කිරිබත්ගොඩ නගරයෙන් අවසන් කර තිබේ.පාද යාත්‍රාවේ සිව්වන දිනය අද(31) වන අතර එය නිට්ටඹුව නගරයෙන් ගමන් ආරම්භ කළේය.

පාද යාත්‍රාවේ අවසන් දිනය වන හෙට(01) දිනයේ එය කිරිබත්ගොඩ නගරයේ සිට කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතව ඇත.

පබාට දේශපාලනය එපාම වෙලා

පබා එහෙමත් නැත්නම් උපේක්ෂා ස්වර්ණමාලි අම්මා කෙනෙක් වෙන්න යනවා කියන එක අමුතු ආරංචියක් නොවුණට එයා දේශපාලනයට සමුදෙන්න යනවා කියන එක නම් අලූත් ආරංචියක්.
පහුගිය කාලෙ දේශපාලන වේදිකාවෙ කතා බහට ලක් වුණු චරිතයක් වුණු උපේක්ෂාට එකපාරටම දේශපාලනේ එපාම වෙලා ගියේ ඇයි කියන එක ගැන අපි ටිකක් හොයල බැලූවා.

කොහොම වුණත් ඒකට හේතු වෙලා තියෙන්නෙ එයාගෙ පවුල් ජීවිතේ ලූ. උපේක්ෂාම කියන විදිහට එයාගෙ සැමියා එයාට දක්වන ආදර සැලකිලි නිසා එයාට දැන් වටින්නෙ එයාගෙ පවුල් ජීවිතේලූ. අනෙක් ඒවා ඔක්කොම දෙවැනි තැන තමයිලූ.