ඇමති ජෝන් තරුණියක් සමඟ නර්තනයේ Video

සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා පැදුරු පාටියක ගායනයේ නර්තනයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවන්හි හුවමාරු වෙමින් තිබේ.

ඇමතිවරයා එක් අවස්ථාවක තරුණියක හා වේග රිද්ම රංගනයේ යෙදෙන අයුරුද එහි දැක්වෙයි.

රාවණාබලේට වීරවංස වාහන 55ක් දීලා

රාවනා බලය නමින් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් විසින් පිහිටුවාගෙන තිබූ සංවිධානය මහින්ද රාජපක්ෂ යුගයේ සිදුකළ කටයතු සහඳහා ගමන් පහසුකම් සපයාගැනීමට නිවාස, ඉදිකිරීම් හා ඉංජිනේරුසේවා අමාත්‍යවරයාව සිටි විමල් වීරවංස මහතා විසින් සිය අමාත්‍යාංශයේ වාහන 55ක් වරින් වර ලබා දී ඇති බව මේ වනවිට අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකු වශයෙන් පෙනී සිට ඇති උන්වහන්සේට මෙම වාහන ලබා දීමෙන් රුපියල් ලක්ෂ 690ට අධික ජනතා මුදලක් අවභාවිතා වී ඇති බවද මේ වනිට හෙළිදරව් වී ති‍බේ.

සරත් ෆෝන්සේකා සීයා කෙනෙක් වෙයි

apsara fonseka
ඇමති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ඇමරිකාවේ වාසය කරන වැඩිමහල් දියණිය අප්සරා ෆොන්සේකා පුතෙකු බිහිකිරීම නිසා ෆොන්සේකා සීයා කෙනෙකු බවට පත්ව ඇතැයි වාර්තා වෙනවා.

අප්සරා විවාහ වී සිටින්නේ ඇමරිකාවේ නිව්යෝර්ක්හි විගණන උපදේශකයකු ලෙස කටයුතු කරන ශ‍්‍රී ලාංකිකයෙකු වන ඉෂ්වින් ද සේරම් සමඟය.(මින් ඉහත දනුන තිලකරත්න සමග විවාහ වී සිටි නමුත් පසුව අප්සරා ඔහුගෙන් වෙන්විය)

මාලිංගට තවත් මාස 5ක් ක්‍රිකට් බෑ

අබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු විස්සයි20 නායක මෙන්ම සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පවතින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියද අහිමිවෙනු ඇති බව වාර්තා වෙනවා.

ඒ දණහිසේ ආබාධයෙන් යථා තත්තවයට පත්වීමට මාලිංගට තවත් මාස පහක කාලයක් පමණ ගතවෙනු ඇති බවට වෛද්‍ය වාර්තා වලින් පෙන්වා දෙන හෙයිනි.

වැස්සි සමග ලිංගිකව හැසිරුණු පුද්ගලයෙකු මාට්ටු !

දුඹුරු වැස්සියකට ලිංගික ක්‍රියා සිදුකරමින් සිටි 47 හැවිරිදි පුද්ගලයෙකු පිළිබඳ පුවතක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

අවුරුදු 03 ක් පමණ වන මෙම දුඹුරු වැස්සිය අයත් නිවසට, අසල්වැසි නිවසක සිටි සැකකාර පුද්ගලයෙකු විසින් මෙම ක්‍රියා සිදුකර තිබෙන බවයි හෙළි වී ඇත්තේ.