තෙරේසා මේ බ්‍රිතාන්‍ය අගමැති පදවියට

බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු භාර ලේකම් තෙරේසා මේ (Theresa May)සිය අනුප්‍රාප්තිකාව හැටියට බදාදා (13) අගමැති පදවියට පත් කෙරෙන බව අගමැති ඩේවිඩ් කැමරන් නිවේදනය කළේය.
මේ අනුව තෙරේසා මේ (Theresa May)) බ්‍රිතාන්‍යයේ දෙවන අගමැතිවරිය හැටියට ඉතිහාසයට එක් වනු ඇත.

කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා තෙරේසා මේ සමඟ තරඟ වැදුන ඇයගේ එකම ප්‍රතිවාදිනිය බවට පත්ව සිටි ඇන්ඩ්‍රියා ලීඩ්සම් (Andrea Leadsom) නායකත්ව පොරයෙන් ඉවත් වෙන බව නිවේදනය කිරීමත් සමඟ තෙරේසා එම බල අරගලයේ එකම අපේක්ෂිකාව බවට පත් වූවාය.

නාමල් මැගසින් බන්ධනාගාරයට Video

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ආවා. ඒ, ධාරාණිපාත වර්ෂාවක් ද ඇදහැලෙමින් තිබියදීයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා.

VAT ගහනවා මයි - අගමැති කාර්යාලය

වැට් බදු සංශෝධනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා විසින් එකී නිවේදනය නිකුත් කළ බව සඳහන් කරමින් එහි වැඩිදුරටත් පහත පරිදි කරුණු අනාවරණය කර ඇත.

මහින්දගෙන් ෆේස්බුක් සටහනක්

අද (11) දින අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
එහි දැක්වෙන්නේ ‘‘මට චෝදනා කරලා මගේ දරුවෝ හිරේ දාලා මේගොල්ලෝ හිතනවානම් මගේ දේශපාලන ගමන නවත්වන්න ඒක මිරිඟුවක් විතරයි.

මුලු පවුලම හිරකරත් මේ රටේ ජනතාව වෙනුවෙන් අපි දේශපාලනයේ නිරත වෙනවා.‘‘ ලෙසිනුයි. නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේදී ෆේස්බුක් ඔස්සේ බොහෝ සෙයින් ප්‍රචාරයක් ලබාදීම මෙහිදී විශේෂත්වයක් ලෙසයි බොහෝ පිරිසක් පවසා සිටින්නේ.

වැට් බද්ද අත්හිටුවයි

මැයි 2වන දා සිට වැඩි කළ වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද අද සිට අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය.

මෙම අත්හිටුවීම පෙත්සම විභාගය අවසන් වනතෙක් බල පැවැත්වෙන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ ය.