
අග්‍රාමාත්‍යවරයා විසින් එකී නිවේදනය නිකුත් කළ බව සඳහන් කරමින් එහි වැඩිදුරටත් පහත පරිදි කරුණු අනාවරණය කර ඇත.
වැට් සංශෝධනයට අදාළ පනත පාර්ලිමේන්තුවේ සම්මත වන තුරු උසාවිය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
කෙසේ වුවද එම නියෝගයෙන් රජයේ ආදායමට සැලකිය යුතු බලපෑමක් ඇතිවේ යැයි අපේක්ෂා නොකෙරේ.
මන්දයත් වැට් සංශෝධනවලට අදාළ පනත සම්මතකර ගැනීම සඳහා පෙරේදා (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, එය දෙවන වර කියවීම ලබන (23) සිදුකිරීමට නියමිතව ඇති බැවින්ය.
ඒ අනූව යහපාලන රජයක් ලෙස පැහැදිලි බහුතරයක් පාර්ලිමේන්තුවේ ඇති බැවින් එම පනත මේමස අවසන්වීමට ප්‍රථම සම්මත වනු ඇතැයිද මේ හේතුවෙන් මැයි 02 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වැට් සංශෝධනය ක්‍රියාත්මක වනු ඇතැයිද එකී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.