මහින්දගෙන් ෆේස්බුක් සටහනක්

අද (11) දින අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
එහි දැක්වෙන්නේ ‘‘මට චෝදනා කරලා මගේ දරුවෝ හිරේ දාලා මේගොල්ලෝ හිතනවානම් මගේ දේශපාලන ගමන නවත්වන්න ඒක මිරිඟුවක් විතරයි.

මුලු පවුලම හිරකරත් මේ රටේ ජනතාව වෙනුවෙන් අපි දේශපාලනයේ නිරත වෙනවා.‘‘ ලෙසිනුයි. නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේදී ෆේස්බුක් ඔස්සේ බොහෝ සෙයින් ප්‍රචාරයක් ලබාදීම මෙහිදී විශේෂත්වයක් ලෙසයි බොහෝ පිරිසක් පවසා සිටින්නේ.