ඇඳුම් නැතුව ෂොපිං කරපු කෙල්ල (PHOTOS)

ශරීරයේ උඩ කොටස ඇඳුමකින් ආවරණය කරගත් නමුත් ඉණෙන් පහළ කොටසට කිසිම ඇඳුමක් නොඇඳ සාප්පු සවාරියේ ගිය තරුණියකගේ ඡායාරූප පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස හුවමාරු වෙමින් පවතිනවා.

මෙම කාන්තාවගේ ඡායාරූප චීනයේ බේජිං අගනුවර දී ගෙන ඇති බව අනාවරණය වී තිබෙන අතර මෙම ඡායාරූප ගත් තැනැත්තා එය සමාජජාලගත කොට තිබෙනවා.

චන්දන තිලකරත්න ITN ප්‍රධාන විධායක තනතුරට

ගුවන් විදුලි හා රූපවාහිනී ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ‍‍‍ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන තිලකරත්න මහතා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස පත්කර තිබේ.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ පළමු විධායක නිලධාරිවරයා ලෙස චන්දන තිලකරත්න මහතා පත්වීම ද විශේෂත්වයකි.ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ පළමු විධායක නිලධාරිවරයා ලෙස චන්දන තිලකරත්න මහතා පත්වීම ද විශේෂත්වයකි.

වැට් බදු නොගහන භාණ්ඩ මෙන්න

භාණ්ඩ 133ක් සේවා 21ක් වැට් බද්දෙන් නිදහස්

එකතුකළ අගය මත අය කෙරෙන වැට් බද්ද සියයට 11 සිට 15 දක්වා ඉහළ නැංවීමත් සමග භාණ්ඩ 133ක් හා සේවා 21ක් වැට් බද්දෙන් නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ලංකාවේ 1/6 ට දීර්ඝ කාලීන ලෙඩ

මෙරට පුද්ගලයින් 06 දෙනෙකුගෙන් එක් අයෙකු කුමන හෝ දීර්ඝ කාලීන රෝගයකින් පෙළෙන බවට ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදුකළ සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

මෙය මෙරට ජනගහනයෙන් සියයට 18ක් බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙම සමීක්ෂණයේ දී දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ, ආඝාතය, පිළිකා, ශ්වසන රෝග, මානසික ආබාධ, රක්තවාතය, අපස්මාරය වැනි රෝග පිළිබඳව තොරතුරු රැස්කර තිබේ.

තරුණයින් 2ක් ගිලී මරුට Video

ගාල්ල ගිංතොට ගිංගගේ මෝයකට ප්‍රදේෂයේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මරුමුවට පත්ව තිබෙනවා.

අද (06) පෙරවරු 10.30ට පමන තරුණයින් 4 දෙනකු ගිංගගේ දිය නෑමට ගොස් ඇති අතර දහවල් 1 පමන වන තෙක් දියේ සෙල්ලම් කරමින් සිටී තරණයින් 4දෙනාගෙන් 3 දෙනෙක් දියේ ගිලී අතුරුදන්ව ඇත.